FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ධනවතුන්ගේ ආදායම තවත් 6.8% කින් නැගලා... දුප්පතුන් 19%කින් තව දුප්පත් වෙලා..

FM Heart · 1 min read

The Heart Academy
පාර්‍ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සෑම ආණ්ඩුවක් විසින්ම රැකබලා ගත යුතු ජන කොටස් වෙනුවෙන් මුදල් වියදම් කර ඇති නමුත්, ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරිපත් කර ඇත්තේ "සරදියෙල් පන්නයේ දෙපැත්ත මාරු වූ අයවැයක්" බවයි. "සරදියෙල්ගේ න්‍යාය වුණේ පොහොසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දීමයි. හැබැයි ජනාධිපතිවරයාගේ න්‍යාය තිබෙන්නේ මේ රටේ දුප්පතුන්ගෙන් තව තවත් අරගෙන ගජමිතුරු ව්‍යාපාරික පන්තිය තවත් පොහොසත් කිරීමයි," යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. පසුගිය වසර දෙකේම අයවැය සකස් වී තිබුණේ එම ආකාරයෙන් බව පෙන්වා දුන් ඒ මහතා, ජනාධිපතිවරයා විසින් දුප්පතුන් අන්ත දුප්පතුන් බවට පත් කර ගජමිතුරු ව්‍යාපාරික කල්ලිය උග්‍ර පොහොසතුන් බවට පත් කිරීම සිදු කරන බවට චෝදනා කළේය. 2019 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ මෙරට දරිද්‍රතා අනුපාතය සියයට 14.3 සිට සියයට 16 දක්වා ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවද සුරංග රත්නායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
99mobile