
Sinopec ඉන්ධන බෙදිල්ල සීමා කරයි.. ජනතාවගෙන් සමාව ඉල්ලා බැනර් ගහයි..
FM Heart · 1 min read
සමාගම විසින් ක්රියාත්මක කරන ලද මෙම ඉන්ධන කප්පාදුව හේතුවෙන් දිවයින පුරා පිහිටි සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් රැසක විශේෂයෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් හිඟයක් නිර්මාණය වී ඇති අතර, ඒ හේතුවෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් දිවයිනේ ප්රදේශ රැසක පිහිටි සිනොපෙක් පිරවුම්හල් පරිශ්රයන්හි රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්රදර්ශනය කර තිබේ. "සිනොපෙක් ආයතනය ඔවුන්ගේ සියලු ඉන්ධන පිරවුම්හල් සඳහා ලබා දෙනු ලබන ඉන්ධන සීමා කර ඇති බැවින්, ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් පත්වන අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්රකාශ කරමු" යනුවෙන් එම පිරවුම්හල් පාලනාධිකාරිය විසින් පාරිභෝගිකයන් වෙත දැනුම් දී ඇත. සමාගමේ බෙදාහැරීම් පර්යන්තයෙන් ලැබෙන ඉන්ධන තොග සැලකිය යුතු ලෙස සීමා කිරීම නිසා දෛනිකව ඇණවුම් කරන ඉන්ධන තොග නොලැබීමෙන් පිරවුම්හල් අක්රිය වන තත්ත්වයකට පත්ව ඇති බව පිරවුම්හල් හිමියෝ පවසති.

