FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ITEC ශ්‍රී ලංකා සංගමයෙන් දීපවාලියට පහන් 2026 ක් දල්වයි

FM Heart · 1 min read

The Heart Academy
ඉන්දියානු තාක්ෂණික හා ආර්‍ථික සහයෝගිතා (ITEC) ආදි විද්‍යාර්‍ථීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ දීපාවලි උත්සවයක් “Lighting the Lamps of Prosperity for the lsland” (දිවයිනේ සමෘද්ධිය උදෙසා පහන් දැල්වීම) යන තේමාව යටතේ අද ( 06) සවස 6.00 සිට 8.00 දක්වා කොළඹ 07, සුදර්‍ශි සංගම් පරිශ්‍රයේ දී පැවැත්වේ. මෙම උත්සවයේ විශේෂත්වය වන්නේ, 2026 වර්‍ෂය සංඛේතවත් කරමින් සාමය, සමෘදිය, බලාපොරොත්තුව හා එකමුතුකම පෙරදරිකරගනිමින් එකවර පහන් 2026 ක් දල්වීමයි. දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම උත්සවය ඉන්දියානු තාක්ෂණික හා ආර්‍ථික සහයෝගිතා විද්‍යාර්‍ථීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලයේ සහ වත්තල රොටරි සමාජයේ සහයෝගයෙන් සංවිධානය කර ඇත. මේ උත්සවයට සංගමයේ සාමාජිකයින් රොටරි සාමාජිකයින් සහ තවත් විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතය. ශ්‍යාම් නුවන් ගනේවත්ත
99mobile