FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අවන්හල්වල ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කිරීමට QR කේත ක්‍රමයක්

FM Heart · 1 min read

The Heart Academy
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ අවන්හල්වල ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වාදීමට කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්‍තමේන්තුව පියවර ගෙන තිබේ. මේ වනවිට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර, ඉදිරියේදී කොළඹ 01 සිට 15 දක්වා සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි එය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ප්‍රකාශ කළාය. ඒ අනුව, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සෑම අවන්හලකම අදාළ QR කේතය ප්‍රදර්‍ශනය කිරීමට නියමිතය. එම QR කේතය ස්කෑන් කිරීමෙන් ලැබෙන පෝරමය පුරවා ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එම පැමිණිලි ඍජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත යොමු කෙරේ. පැමිණිලිකරුවන්ගේ අනන්‍යතාව රහසිගතව ආරක්ෂා කරන බව ද කොළඹ මහ නගර සභාව සඳහන් කරයි. පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ ආහාර අවන්හලට භාර නොදෙන ලෙසත්, ඒ සඳහා ලබාගත් බිල්පත සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
99mobile