FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ටින් අනිවාර්‍ය කිරීම 2027 අප්‍රේල් 01 දක්වා කල් දමයි

FM Heart · 1 min read

The Heart Academy
නිශ්චිතව දක්වනු ලබන කාර්‍යයන් සඳහා ටින් සහතිකය අනිවාර්‍යයෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 01 දින දක්වා කල් දැමීමට තීරණය කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව මහජනතාව වෙත සහ සියලුම වගකිවයුතු නිලධාරීන් වෙත දැනුම් දෙයි. 2026 සැප්තැම්බර් 22 දිනැති චක්‍රලේඛයක් මගින්, 2026 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි, නිශ්චිතව සඳහන් කර ඇති ගනුදෙනු වර්‍ග අටෙන් (08) ඕනෑම ගනුදෙනුවක නිරත වන පුද්ගලයකු, වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකයක් (ටින් සහතිකය ) ඉදිරිපත් කිරීම අනිවාර්‍ය කර තිබිණි. කෙසේ වෙතත්, ඉහත සඳහන් ගනුදෙනුවල නිරත වන පුද්ගලයන්ගෙන් මෙන්ම වෙනත් පුද්ගලයන්ගෙන් ද ටින් සහතික සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තත්වය සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතියදඇතිව මේ තීරණය කල් දමා ඇත. මෙම දීර්‍ඝ කරන ලද කාලසීමාව තුළ, දැනටමත් ටින් අංකයක් සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට තම එය වඩාත් පහසු ක්‍රමවේදයන් ඔස්සේ ලබා ගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීමට දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව කටයුතු කරනු ඇත. ශ්‍යාම් නුවන් ගනේවත්ත
99mobile