FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක්..

FM Heart · 2 min read

The Heart Academy
අදාළ සංවිධානයේ කැඳවුම්කරු රවීන්ද්‍රන් නිශ්ශංක මහතා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මඟින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇති අත්‍යවශ්‍ය මාර්‍ගෝපදේශ සහ නිර්‍දේශ කිසිවක් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි. පසුගිය වසර පහක කාලය තුළ පමණක් පොලිස් භාරයේ සිටියදී සැකකරුවන් පනහකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව පෙන්වා දුන් ඒ මහතා, පොලිස් නිලධාරීන් විසින් සිදුකරන අමානුෂික වධහිංසා පැමිණවීම් සහ සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කිරීම මෙම මරණ පිටුපස ඇති යථාර්‍ථය බව චෝදනා කළේය. මෑතකදී හෝමාගම මූලස්ථාන පොලිසියේ සිරමැදිරිය තුළ සැකකරුවකු මියයෑමේ ආන්දෝලනාත්මක සිදුවීම මීට ආසන්නතම උදාහරණය බව පෙන්වා දුන් ඔහු, එම සිදුවීමට අදාළව හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා , අපරාධ අංශ ස්ථානාධිපති, දූෂණ මර්‍දන ඒකකයේ ස්ථානාධිපති සහ සිරමැදිරිය භාරව සිටි උපසේවක නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව සිහිපත් කළේය. එහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළ රවීන්ද්‍රන් නිශ්ශංක මහතා, චෝදනා රැසක් එල්ල වී තිබූ 'බී' ශ්‍රේණියේ පොලිස් ස්ථානයක් වන වනතාවිල්ලුව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයකු, පොලිස්පතිවරයාගේ පෞද්ගලික හිතවත්කම මත හෝමාගම වැනි ප්‍රධාන මූලස්ථාන පොලිසියක ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත් කර තිබූ බව අනාවරණය කළේය. මෙම නිලධාරියා එම ධුරයට නුසුදුසු බවට හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මීට මාස අටකට පෙර ලිඛිතව දැනුම් දී තිබියදීත්, පොලිස්පතිවරයා ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්‍ගයක් නොගැනීම දැඩි විමර්‍ශනයකට ලක්විය යුතු බව ඔහු අවධාරණය කළේය. වත්මන් පොලිස්පතිවරයා වෘත්තීය මට්ටමින් බැහැරව දේශපාලන අවශ්‍යතා මත කටයුතු කරමින් සිටින බවට පොලිස් දෙපාර්‍තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරීන් අතරද දැඩි කලකිරීමක් පවතින බව පෙන්වා දෙන එම සංවිධානය, අත්අඩංගුවේ පසුවන්නන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට අදාළ මානව හිමිකම් කොමිසමේ නිර්‍දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම නිර්‍දේශ පැහැරහැරීම සම්බන්ධයෙන් වහාම විමර්‍ශනයක් අරඹන ලෙසත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියි.
99mobile