FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

‘සිරස’ට කෝටි 10ක් රජයෙන් දීම ගැන නිර්‍මාගෙන් දොස් මුරයක්...

FM Heart · 1 min read

The Heart Academy
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, අදාළ මුදල් බදු ආදායම් මඟින් ලැබුණේද නැතහොත් වෙනත් මාර්‍ගයකින් ලැබුණේද යන්න අදාළ නොවන බවත්, කැබිනට් අනුමැතිය හිමිව තිබුණද අවසාන විග්‍රහයේදී ඒවා මහජන මුදල් බවත්‍ය. එබැවින් මහජන මුදල් වැය කරමින් මෙවැනි ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දැක්වීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්‍ග සහ මූල්‍ය විනිවිදභාවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වගකීමක් රජයට සහ අදාළ අමාත්‍යාංශවලට පැවරෙන බව හෙතෙම සඳහන් කළේය. මේ අතර, රට තුළ ක්‍රියාත්මක වන ත්‍රස්ත මර්‍දන නීති සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් එල්ල කළ මහාචාර්‍යවරයා, අතීතයේ සිටම එවැනි නීති බහුලව භාවිත කර ඇත්තේ සැබෑ ත්‍රස්තවාදය මර්‍දනය කිරීමට වඩා සාමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්‍දනය කිරීම සඳහා බව පෙන්වා දුන්නේය. එබැවින් වර්‍තමානයේ වඩාත් අවශ්‍යව ඇත්තේ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමට වඩා, රාජ්‍යය සතු මෙවැනි මර්‍දනකාරී නීතිවලින් සාමාන්‍ය ජනතාව සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම පිළිබඳ පුළුල් කතිකාවතක් ගොඩනැගීම බවත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කිසිදු ආකාරයකින් පාවා නොදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
99mobile