FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නගරාධිපති තරුණයෙකුට ලේ ගලන්න පහර දෙයි.. තරුණයා නගරාධිපතිට ගල් ගහයි..

FM Heart · 1 min read

The Heart Academy
පුත්තලම නගරයේ ඉල්ලඩිය පල්ලිය ආසන්නයේ පලතුරු වෙළෙඳාමේ නිරතව සිටි තරුණයෙකුට ජාතික ජන බලවේගය නියෝජනය කරන පුත්තලම නගර සභාවේ නගරාධිපතිවරයා විසින් පහර දුන් බව කියන සිද්ධියක් වාර්‍තා වේ මෙම සිද්ධියට අදාළව සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ දර්‍ශනවලට අනුව, නගරාධිපතිවරයා සිය නිල රථය මාර්‍ගය අයිනට ගෙන අදාළ තරුණයාගේ කනට පහරක් එල්ල කරන ආකාරය දැක්වේ එම පහරදීම හේතුවෙන් තරුණයාගේ තොල් පැලී ලේ ගලන ආකාරයද එම දර්‍ශනවල දැකගත හැකි විය පහරදීමෙන් අනතුරුව කෝපයට පත් තරුණයා මාර්‍ගය අසල තිබූ ගලක් ගෙන නගරාධිපතිවරයා සිටි වාහනයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම අවස්ථාවේදී නගරාධිපතිවරයා සිය රථය වේගයෙන් එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් තිබේ සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්‍තා වේ කෙසේ වෙතත්, මෙම පහරදීම සඳහා නිසි හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත
99mobile