
රත්නපුරේ ලොකු අනතුරක්.. 17ක් රෝහලේ.. පහක් බරපතලයි..
FM Heart · 1 min read
රත්නපුර - අවිස්සාවේල්ල මාර්‍ගයේදී අවිස්සාවේල්ල සිට රත්නපුර දෙසට ධාවනය වූ බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ 16 දෙනාම ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. රෝහල්ගත කර සිටින පිරිසෙන් පස් දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන අතර, සෙසු 11 දෙනා සුළු තුවාල ලබා ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

