FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රෝහල් ව්‍යාපෘති රැසකට විඝණනයෙන් චෝදනා...

FM Heart · 2 min read

The Heart Academy
කුරුණෑගල ශික්ෂණ රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, බදුල්ල ශික්ෂණ රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල සහ බේරුවල මූලික රෝහල යන රෝහල් රැසක ආරම්භ කරන ලද ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්‍ණයෙන්ම පාහේ අඩාල වී ඇති බව එම විගණන වාර්‍තාව මගින් පෙන්වා දී තිබේ. තවද, මඩකලපුව ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ඒකකය සඳහා මුදල් වියදම් කොට තිබුණ ද, එම ඒකකය සඳහා වියදම් කරන ලද මුදල්වලින් මිලදී ගත් උපකරණ රැසක් අක්‍රියව පවතින බව ජාතික විගණනය වැඩිදුරටත් පෙන්වා දෙයි. සමාලෝචිත 2025 වර්‍ෂය සඳහා ජීව විද්‍යා ඉංජිනේරු අංශය යටතේ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 3,793ක් වෙන් කර තිබුණ ද, එම මුදල්වලින් ප්‍රායෝගිකව කිසිදු උපකරණයක් මිලදී ගෙන නොමැති බව ජාතික විගණනය අනාවරණය කරයි. මෙය ඉතා ප්‍රශ්න සහගත ක්‍රියාවක් බව ද ජාතික විගණනය වැඩිදුරටත් සඳහන් කරයි. මීට අමතරව කුරුණෑගල ශික්ෂණ රෝහල, කළුතර ශික්ෂණ රෝහල, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සහ හම්බන්තොට යන රෝහල්වල ද විගණන අඩුපාඩු රැසක් මෙම වාර්‍තාව මගින් පෙන්වා දී ඇත. අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කර දී තිබියදී, එම මුදල් නිසි පරිදි ප්‍රයෝජනයට නොගැනීම හා අවභාවිතය සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විගණනයක් හා විනය ක්‍රියාමාර්‍ග ක්‍රියාත්මක කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
99mobile