
කඩුගන්නාවේ ගල් සහ පස් පෙරළීමෙන් කොළඹ – නුවර මාර්‍ගයේ කොටසක් වසා දමයි
FM Heart · 1 min read
කොළඹ – නුවර ප්‍රධාන මාර්‍ගයේ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේදී මාර්‍ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් මාර්‍ගයේ කොටසක් වසා දැමීමට පියවර ගෙන තිබේ. මෙම ගල් පෙරළීම හේතුවෙන් මාර්‍ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව ඇත. මේ වනවිට ප්‍රදේශයට සුළු වර්‍ෂාපතනයක් ඇදහැලෙමින් පවතින බව ද වාර්‍තා වේ.

