FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වීථි පහනක් නිවීමට ගොස් විදුලි සැර වැදී යුවළක් මරුට

FM Heart · 1 min read

The Heart Academy
වාරියපොල පොලිස් වසමේ අවුලේගම, කරඳවැටිය ප්‍රදේශයේ මාර්‍ගය අසල පිහිටි විදුලි පහන් කණුවක දැල්වෙමින් තිබූ විදුලි පහණක් නිවා දැමීමට යාමේදී පුද්ගලයෙකුට අද (10) උදෑසන විදුලි සැර වැදී තිබෙනවා. ඔහු බේරා ගැනීමට බිරිඳ උත්සාහ කිරීමේදී ඇයට ද විදුලි සැර වැදීමෙන් දෙදෙනාම නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා. මරණකරු වයස අවුරුදු 61ක් සහ මරණකාරිය වයස අවරුදු 60ක් වූ අවුලේගම ප්‍රදේශයේ පදිංචි අඹු සැමියන්. සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය වැඩිදුර විමර්‍ශන සිදු කරනවා.
99mobile