
කඩුගන්නාවේ ගල් පෙරලේ.. කොළඹ - නුවර ප්‍රධාන මාර්‍ගය වසා දමයි...
FM Heart · 1 min read
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්‍ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්‍ගයට පස් සහ විශාල ගල් කුට්ටි පෙරළීම හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්‍ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. කඩුගන්නාව කපොල්ල ආසන්නයේ කඳු බෑවුමෙන් මාර්‍ගයට පස් සහ ගල් පෙරළී ඇති අතර, එලෙස කඩා වැටුණු ගල් කුට්ටියකට හසුව මාර්‍ගය අසල නවත්වා තිබූ යතුරුපැදියකට ද බරපතළ හානි සිදුව ඇත. කෙසේ වෙතත්, සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැත. මේ වන විටත් ප්‍රදේශයට සුළු වර්‍ෂාපතනයක් ඇදහැලෙමින් පවතින බැවින් තවදුරටත් පස් සහ ගල් පෙරළීමේ අවදානමක් පවතින බව වාර්‍තා වේ. මාර්‍ගය හරහා වැටී ඇති සුන්බුන් ඉවත් කර ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාර්‍ග සංවර්‍ධන අධිකාරියේ සේවකයන් කඩිනමින් යොමු කර ඇති අතර, ගමනාගමනය යළි විවෘත කරන තුරු රියදුරන්ට විකල්ප මාර්‍ග භාවිත කරන ලෙස රථවාහන පොලිසිය දැනුම් දෙයි.

