
පස් සහ ගල් පෙරළීම නිසා කොළඹ – නුවර මාර්‍ගයේ කඩුගන්නාව – ගනේතැන්න කොටස තාවකාලිකව වැසේ
FM Heart · 1 min read
කොළඹ නුවර මාර්‍ගයේ කඩුගන්නාව – ගනේතැන්න කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ කොළඹ – නුවර ප්‍රධාන මාර්‍ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්‍ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන්. ගල් පෙරළීම හේතුවෙන් මාර්‍ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව තිබෙනවා. ඒ අනුව හෙට (11) උදෑසන 6 දක්වා මාර්‍ගයේ එම කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා. .

