FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රන්ජන් ජයලාල්ගෙ අල්ලස් චෝදනාව ගැන පක්‍ෂය ඇතුලේ විනය පියවර ගන්නවා..- නලින්ද

FM Heart · 1 min read

The Heart Academy
රජයේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කඩුවෙල ප්‍රදේශයේ කර්‍මාන්තශාලා හා ව්‍යාපාරික ස්ථානවලින් වසර අවසානයේ ලබාදෙන තෑගි මලු හෝ ලාභාංශ ඉල්ලා සිටීම 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන වරදක් බවත්, එය වත්මන් ආණ්ඩුව ගෙනයන ප්‍රතිපත්තිවලට මෙන්ම ප්‍රතිරූපයට ද දැඩි හානියක් බවත් මාධ්‍යවේදියා මෙහිදී පෙන්වා දුන්නේය. ඊට පිළිතුරු දුන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, රජය නියෝජනය කරන කිසිදු අමාත්‍යවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, නගරාධිපතිවරයෙකු හෝ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අල්ලස හෝ දූෂණය සඳහා කිසිසේත්ම සම්බන්ධ නොවන බවයි. යම් හෙයකින් එවැනි ආකාරයේ ඉල්ලීමක් ප්‍රසිද්ධියේ කර ඇත්නම් එය සදාචාර විරෝධී බව පිළිගත් අමාත්‍යවරයා, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ වීඩියෝ පටයේ ඇතැම් කොටස් කපා ඉවත් කර ඇති බව පෙනෙන්නට තිබෙන බැවින් රන්ජන් ජයලාල් මහතා සැබවින්ම අදහස් කළේ කුමක්ද යන්න පිළිබඳව සම්පූර්‍ණ ප්‍රකාශය විමර්‍ශනය කළ යුතු බව පැවසීය. යම් හෙයකින් මේ පිළිබඳව නිල පැමිණිල්ලක් ලැබුණහොත් හෝ වරදක් අනාවරණය වුවහොත්, අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිසමට පරිබාහිරව පක්ෂ අභ්‍යන්තරයෙන් ද විනය ක්‍රියාමාර්‍ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
99mobile