FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සිමෙන්ති මිල වැඩි කරල නෑ.. කොමිස් අඩු කරලා..- වසන්ත

FM Heart · 1 min read

The Heart Academy
සිමෙන්ති මිල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 2,400 ක් ලෙස සඳහන් වුවද, කිසිදු වෙළෙඳසලක සිමෙන්ති එම උපරිම මිලට අලෙවි නොවන බවයි. සමාගම් විසින් ලබාදෙන විවිධ මිල වට්ටම් හේතුවෙන් වෙළෙඳපොළේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,700 සිට රුපියල් 1,850, 1,900, 2,000 සහ 2,100 වැනි විවිධ මිල ගණන් යටතේ සාමාන්‍ය පරිදි අලෙවි වන බව හෙතෙම පෙන්වා දුන්නේය. සිමෙන්ති නිෂ්පාදන සමාගම් විසින් සිය අලෙවි නියෝජිතයන්ට ලබාදෙන විකුණුම් කොමිස් මුදලේ යම් අඩු කිරීමක් සිදුකර ඇත්නම්, එය අදාළ නියෝජිතයන් සහ සමාගම් අතර කතාබහ කර විසඳාගත යුතු අභ්‍යන්තර ගැටලුවක් මිස පාරිභෝගිකයා මත පැටවිය හැකි කරුණක් නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. රජය හෝ අදාළ සමාගම් විසින් සිමෙන්ති මිල වැඩි කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත්, මිල සංශෝධනයක් සිදුකර නොමැති බවත් පැවසූ ඒ මහතා, ජනතාව නොමඟ යවමින් පදනම් විරහිත අසත්‍ය ප්‍රචාර සමාජගත කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
99mobile