
විදේශිකයන් පිරිසක් රැදී සිටි පානදුරේ හෝටලයක් වටලයි...
FM Heart · 1 min read
මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ වතා කොට්ඨාසය, නිල සුනඛ කොට්ඨාසය හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහය ලබාගෙන ඇත. මෙම හෝටලය තුල චීන ජාතිකයින් 32 ක් රැඳී සිට ඇති අතර ඔවුන් විසින් යම් අපරාධයක් සිදුකර ඇතිද යන්න විර්මශනය කිරීම සඳහා මොවුන් භාරයේ තිබූ පරිඝණක 23 ක් හා උපාංග පොලිස් භාරයට ගෙන පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. විදේශීය ජාතිකයන් විශේෂයෙන් කණ්ඩායම් වශයෙන් මෙවැනි අකාරයට හෝටල්, ලැඟුම්හල්, නිවාඩු නිකේතන සහ වෙනත් නවාතැන් ගන්නා ස්ථානවල නවාතැන්ගෙන සිදුකර ඇති මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව තුල ශ්‍රී ලංකා පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර මෙවැනි නවාතැන්පලවල් ලබාදෙනු ලබන හිමිකරුවන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනු ලැබේ. මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 118, 119 හදිසි ඇමතුම් අංක හෝ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන මෙන්ද පොලිසිය මහජනාතාවගෙන් ඉල්ලා සිටී.

