FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බදු දැල ලොකු කරයි...

FM Heart · 2 min read

The Heart Academy
ඒ අනුව, මෙතෙක් බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින්ගෙන් එම හිඟ මුදල් කඩිනමින් අය කරගැනීමටත්, නව බදු ගෙවන්නන් විශාල පිරිසක් බදු ක්‍රියාවලියට ඈඳා ගැනීමටත් ලබන වසරේදී දැඩි උත්සාහයක නිරත වන බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙම වසර අවසන් වන විට මෙරට පැහැර හැර ඇති සමස්ත හිඟ බදු ප්‍රමාණය දළ වශයෙන් රුපියල් බිලියන 175 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇති අතර, එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව ඉදිරි කාලසීමාවේදී සියලු නීතිමය හා විමර්‍ශන පියවර ගැනීමට සූදානම් වේ. මේ අතර, ආර්‍ථික ක්‍රියාකාරකම් මෙන්ම පුද්ගල වත්කම් පිළිබඳ තොරතුරු දැඩි ලෙස විමර්‍ශනය කරමින් බදු පැහැර හරින්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය. එමගින් රජයට ලැබිය යුතු නියමිත බදු ආදායම තහවුරු කරගැනීමට දෙපාර්‍තමේන්තුව අපේක්ෂා කරයි. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, දැනට මිලියන 1.3 ක්ව පවතින මෙරට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ පදනම, ලබන වසර අවසන් වන විට මිලියන 1.5 ක් දක්වා පුළුල් කිරීම ඉලක්කය බවයි. මීට අමතරව, මෙම වසර සඳහා මෙතෙක් ආදායම් බදු වාර්‍තා ඉදිරිපත් කර නොමැති තැනැත්තන්ට එළඹෙන දෙසැම්බර් 02 වැනිදාට පෙර අදාළ ගෙවීම් සම්පූර්‍ණ කරන්නේ නම්, ඊට අදාළ දඩ මුදල් ගෙවීමෙන් නිදහස් විය හැකි සහන කාලයක් හිමිවන බවද කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
99mobile