FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නලින් බණ්ඩාර හා බිරිද නීති විරෝධීව ගෙන ආ ඩ්‍රෝන තොගයක් රේගු අත්අඩංගුවට..

FM Heart · 1 min read

The Heart Academy
මෙම උපකරණ තොගය සමගි ජන බලවේගයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ විසින් රැගෙන විත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. පසුගිය 5 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් යළි දිවයිනට පැමිණ ප්‍රභූ පර්‍යන්තය ඔස්සේ පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී රේගු නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් මලු දැඩි පරීක්ෂාවට ලක් කර තිබේ. එම පරීක්ෂාවේදී, රේගුව වෙත නිසි පරිදි ප්‍රකාශයට පත් නොකරන ලද 'DJI Lito Mini 2' වර්‍ගයේ ඩ්‍රෝන යානා 42ක් සහ 'DJI Mic Mini 2' වර්‍ගයේ සන්නිවේදන මයික්‍රෆෝන 16ක් ඔවුන් සන්තකයේ තිබී හමුවී ඇති අතර, ඒ අනුව එම භාණ්ඩ තොගය වහාම ක්‍රියාත්මක වන පරිදි රේගු භාරයට ගැනීමට නිලධාරීන් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා රේගු ආඥා පනත මෙන්ම සිවිල් ගුවන් සේවා නීතිරීතිවලට අනුව, මෙරටට ඩ්‍රෝන යානා සහ විදුලි සංදේශ උපකරණ වාණිජ මට්ටමින් ආනයනය කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතින් පූර්‍ව ලිඛිත අනුමැතිය සහ බලපත්‍ර ලබා ගැනීම අනිවාර්‍ය වේ.
99mobile