
නවගමුව දේවාලයේ බෝ ගසේ අත්තක් කඩා වැටී වාහන තුනකට හානි
FM Heart · 1 min read
නවගමුව සත්පත්තිණි දේවාලය පිටුපස පිහිටි බෝ ගසේ අත්තක් කඩා වැටි වාහන තුනකට හානි සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ පස්වරු 4.30 ට පමණ එම ප්‍රදේශය ආශ්‍රිතව වැසි සමග හටගත් සුළං හේතුවෙන් බෝ ගසේ අත්තක් එලෙස කඩා වැටී ඇති බවයි. එහිදී වෑන් රථයකට, මෝටර් රථයකට සහ ත්‍රීරෝද රථයකට එලෙස හානි සිදුව තිබෙනවා. .

