
පහළ වායුගෝලයේ තවත් කැලඹීක් අතළඟ
FM Heart · 1 min read
ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් මුහුද ආශ්‍රිත පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් නොවැම්බර් 11 වැනි දා පමණ වන විට ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව නිවේදනය කරයි. මෙහි බලපෑම හේතුවෙන් නොවැම්බර් 13 වැනි දින පමණ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්‍ධනය වීමට ඉඩ ඇත. තවද නොවැම්බර් 15 වැනි දින පමණ වන විට නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මෙය තවදුරටත් වර්‍ධනය වී පීඩන අවපාතයක් බවත පත්වීමේ අඩු සම්භාවිතාවක් පවතී. ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබදව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව දැනුම් දෙයි. ඉදිරි නිර්‍දේශ සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් දැනුම් දෙයි.

