
කොළඹ යටවුනේ වැරදි ඉදිකිරීම් නිසා.. ඒ ගැන පියවරක් ගන්නවා..- බල්තසාර්
FM Heart · 1 min read
නගරයේ පවතින ජල ගැලීම් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඇය පෙන්වා දුන්නේ, කොළඹ නගරයේ කාණු පද්ධතිය මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ සාමාන්‍ය වර්ෂාපතනයකට ඔරොත්තු දෙන අයුරින් බවයි. එබැවින් කෙටි වේලාවක් තුළ මිලිමීටර 100 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ඇදහැලෙන අවස්ථාවලදී නගරය පුරා මෙවැනි උග්‍ර ජල අවහිරතා නිර්මාණය වීම ස්වාභාවික තත්ත්වයක් බව ඇය සඳහන් කළාය. නගරවාසී ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් ලෙස, ඔවුන් මුහුණ දී ඇති මෙම පීඩාකාරී වාතාවරණයෙන් මුදාගැනීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, ජනතාවට අවශ්‍ය හදිසි සහන කඩිනමින් සලසා දීමට නගර සභාව මැදිහත් වන බවත් ඇය අවධාරණය කළාය. ජල ගැලීම් පාලනය කිරීම වෙනුවෙන් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් සැලසුම් සකස් කර ඇති අතර, වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා කෙටිකාලීන සැලසුම් කඩිනමින් බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට විශේෂ ප්‍රමුඛතාවක් ලබා දී ඇති බවද වැඩිදුරටත් අනාවරණය විය.

