
ඩ්‍රෝන යානාවලින් මගී ප්‍රවාහනය අරඹයි.. වරාය නගරයෙන් අරඹයි..
FM Heart · 1 min read
මෙම ව්‍යාපෘතියේ නිල ආදර්‍ශන පියාසැරිය එළඹෙන නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිතය. සිරස් අතට ගුවන්ගත කළ හැකි සහ ගොඩබැස්විය හැකි විද්‍යුත් ගුවන් යානා (eVTOL) තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම චීන සමාගමක් වන EHang Holdings ආයතනයේ සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියක් යටතේ මෙම අත්හදා බැලීම් සිදු කෙරේ. වරකට මගීන් දෙදෙනෙකු රැගෙන යා හැකි ධාරිතාවයකින් යුත් මගී ඩ්‍රෝන යානයක් වරාය නගර ගුවන් සීමාව තුළ නිරීක්ෂණ පියාසැරිවල නිරත වන අයුරු දැකගත හැකිය. නාගරික පොදු ප්‍රවාහනය, සංචාරක කර්‍මාන්තය මෙන්ම සැපයුම් හා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය කාර්‍යක්ෂම කිරීම උදෙසා මෙවැනි නියමුවන් රහිත මගී ඩ්‍රෝන යානා භාවිත කිරීමේ ශක්‍යතාව හඳුනා ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. නොවැම්බර් 11 වන දින පැවැත්වෙන විශේෂ ආදර්‍ශන වැඩසටහන මගින් නාගරික ගුවන් ගමනාගමන පහසුකම් ප්‍රවර්‍ධනය කිරීමත්, දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ට නවමු සංචාරක අත්දැකීමක් ලබාදීමට මෙම තාක්ෂණය යොදාගත හැකි ආකාරයත් විදහා දැක්වීමට නියමිතය.

