
කාවන්තිස්ස සැමරැම පොලිසියෙන් ඉවත් කරයි...
FM Heart · 1 min read
‘පරිසර සුරැකුම් හා විද්‍යා ගවේෂණ සංවිධානය’ විසින් විශාල ප්‍රමාණයේ බැනරයක් ප්‍රදර්‍ශනය කරමින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි. කෙසේ වෙතත්, අදාළ පූජනීය පරිශ්‍රය තුළ එවැනි සැමරුමක් පැවැත්වීම සඳහා අවසර ලබා දිය නොහැකි බව පොලිස් නිලධාරීන් විසින් සංවිධායකයන් වෙත දැනුම් දී තිබේ. පොලිසියේ දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයෙන් ඉවත් වූ සංවිධායකයන් ඇතුළු පිරිස, ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි බැතිමතුන් සහ මහජනතාව වෙත විවිධ වර්‍ගයේ පලතුරු පැළ බෙදා දීමේ වැඩසටහනක් පවත්වා නිම කිරීමට කටයුතු කර ඇ. මෙරට වනාන්තර පද්ධතිය තුළ සැරිසැරූ දැවැන්තම මෙන්ම උසින් වැඩිම දළ ඇතා ලෙස ප්‍රකටව සිටි ‘කාවන්තිස්ස’ හස්තියා, එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ඔක්තෝබර් මාසයේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය. මෙම හස්තියාගේ මරණයත් සමඟ මෙරට වන අලි සම්පත රැකගැනීම, වනජීවී අපරාධ වැළැක්වීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීන් මෙන්ම පොදු මහජනතාව අතර ද කතාබහක් සහ සංවේදීතාවක් නිර්‍මාණය විය

