FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්

FM Heart · 2 min read

The Heart Academy
රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණ ද, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වන විටත් අඛණ්ඩව පැවැත්වේ. අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසින් මෙම සත්‍යග්‍රහය ඊයේ (07) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කරනු ලැබීය. එහිදී විරෝධතාවයේ නිරත පිරිස අදාළ ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීමට කටයුතු කර ඇති අතර, ඊයේ දහවල් එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන තිබේ. කෙසේ වෙතත්, පොලිසිය පැමිණ එම කටයුතු නතර කිරීමට උත්සාහ කිරීමේදී දෙපාර්‍ශ්වය අතර ගැටුම්කාරී වාතාවරණයක් ද ඇති වී තිබුණි. මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්‍තා කිරීමෙන් අනතුරුව, රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස සත්‍යග්‍රහයේ නිරත පිරිසට අධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම, පූජා භූමියේ පිහිටි පුරාවිද්‍යා ස්මාරකවලට කිසිදු හානියක් සිදු නොකළ යුතු බවත්, ඉදිකර ඇති තාවකාලික කූඩාරම් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් වේ. කෙසේ වෙතත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාවයේ නිරත පිරිස අදාළ ස්ථානයේ රැඳී සිටිමින් රාත්‍රිය ද ගත කර තිබේ. ආණ්ඩුව විසින් අනුරාධපුර පූජා නගර සැලැස්මට අදාළ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා තෙක් මෙම අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
99mobile