FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඇමරිකන් හමුදාවේ අමුතු ගුවන් යානයක් කටුනායකට එයි

FM Heart · 1 min read

The Heart Academy
ඉන්දීය සාගර කලාපයේ ස්ථානගත කර ඇති එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුද නෞකාවක සිට පියාසර කළ ඇමෙරිකානු නාවික හමුදාවේ MV-22B Osprey වර්‍ගයේ අතිනවීන ගුවන් යානයක් අද (07) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. ලොව ප්‍රකට Boeing සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම සුවිශේෂී ගුවන් යානය, හෙලිකොප්ටරයක් මෙන්ම සාමාන්‍ය ස්ථාවර තටු සහිත ගුවන් යානයක් ලෙසද ක්‍රියාත්මක වීමේ දුර්‍ලභ තාක්ෂණික හැකියාවෙන් යුක්ත වේ. හෙලිකොප්ටරයක් මෙන් සිරස් අතට ගුවන්ගත වීමේ සහ ගොඩබෑමේ හැකියාවත්, සාමාන්‍ය ගුවන් යානයක පවතින ඉහළ වේගය හා දිගුදුර පියාසර ධාරිතාවත් එකවර ලබාගැනීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. සාම්ප්‍රදායික ගුවන් ධාවන පථයක උපකාරයකින් තොරව ගොඩබෑමට හා ගුවන්ගත කිරීමට හැකිවන අයුරින් මෙහි rotors අවශ්‍ය පරිදි සිරස් අතට මෙන්ම තිරස්ව ඉදිරියට tilt කිරීමට හැකිවන සේ නිර්‍මාණය කර තිබේ. ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන්, එනම් දිවයිනේ දකුණු දෙසින් නාවික සැතපුම් 50ක් පමණ දුරින් ඉන්දීය සාගරයේ නැංගුරම් ලා තිබූ ඇමෙරිකානු නාවික හමුදා නෞකාවක සිට මෙම යානය මෙරටට පියාසර කර ඇත.
99mobile