
ටෙන්ඩරය හිරවෙලා පිළිකාව පැතිරිලා
FM Heart · 1 min read
පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදු කරන නවීනතම ‘CT Simulator’ යන්ත්‍ර ලබාගැනීමේ ටෙන්ඩරය සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ හිරවී තිබීම හේතුවෙන් රෝහල් රැසක පිළිකා ප්‍රතිකාර සේවා අඩපණවීමේ අවදානමක් මතුව තිබේ. ආසියානු සංවර්‍ධන බැංකුවේ (ADB) අරමුදල්වලින් මිලදී ගැනීමට නියමිත මෙම නවීන විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ‘ටෙන්ඩර් අවහිරතා’ මත මෙලෙස ඇනසිට ඇතැයි ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානය’ පවසයි. මහරගම අපේක්‍ෂා රෝහලේ දැනට පිළිගැනීමේ ගැටලුවකට ලක්ව ඇති CT Simulator යන්ත්‍ර, අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, රත්නපුර සහ හම්බන්තොට යන රෝහල් පහට ලබාදීමට තෝරාගෙන තිබුණ ද අදාළ ටෙන්ඩරය ඉදිරියට ගෙන යෑමට සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතැම් නිලධාරීන් අවහිර කිරීම හේතුවෙන්, මෙම අත්‍යවශ්‍ය ව්‍යාපෘතිය දින නියමයක් නොමැතිව ඇනසිට ඇතැයි, එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. රත්නපුර, බදුල්ල සහ හම්බන්තොට යන රෝහල්වල දැනටමත් නවීන Linear Accelertor (Linac) යන්ත්‍ර ස්ථාපිතව ඇතත් ඒවාට ගැළපෙන CT Simulator යන්ත්‍ර නොමැතිව, රෝගීන්ට ආරක්‍ෂිතව සහ ඵලදායී ලෙස ඉලක්කගත විකිරණ ප්‍රතිකාර ලබාදිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද වෛද්‍යවරයා කීය. සුජීව තත්සර

