
අයවැය 12දා…බදු වර්‍ග කිහිපයක සුළු අඩුවීමක්!
FM Heart · 2 min read
ප්‍රාග්ධන වියදමට ට්‍රිලියන 2ක් ලබන වසර (2027) සඳහා ආණ්ඩුවේ අයවැය ලබන බ්‍රහස්පතින්දා (12 වැනිදා) මුදල් විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය මෙම ආණ්ඩුවේ තෙවැනි අයවැයයි. 04 පිටුවට අයවැය කතාව සිදුකිරීමෙන් අනතුරුව පසුදා (13 දා) සිට නොවැම්බර් 20 දා දක්වා දින හතක කාලයක් දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00 ට දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම පැවැත්වේ. ඉන් අනතුරුව නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් මස 14 වෙනිදා දක්වා දින 19 ක කාලයක් කාරක සභා අවස්ථාවේ විවාද පැවැත්වීමටත් දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් නියමිතය. මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් ලෙස ඉතිහාසයේ ප්‍රථම වතාවට ට්‍රිලියන 2ක මුදලක් වෙන් කිරීමට නියමිතව ඇති බවත් සඳහන් වේ. එසේම උපයන විට බදු ඇතුළු බදු වර්‍ග කිහිපයක බදු සුළු ප්‍රමාණයකින් අඩුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්‍තා වේ. රාජ්‍ය අංශය සඳහා රථවාහන 1750 ක් ලබා ගැනීම සඳහා ද ප්‍රතිපාදන මෙම අයවැයෙන් වෙන් කිරීමට නියමිත බව ද සඳහන් වේ. එමෙන්ම කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්‍ගය, කොළඹ වරාය පිවිසුම් උමං මාර්‍ගය ඇතුළු අධිවේගී මාර්‍ග කිහිපයක් සඳහා ද මුදල් වෙන් කිරීමට නියමිත බවද කියැවෙයි. එසේම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්කයන් තුනක් තෝරා ගෙන එහි ඇති සියලු රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමටත් මෙවර අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට යන බව ආරංචි මාර්‍ග සඳහන් කරයි. කෙසේ වෙතත් වත්මන් රජයේ දෙවැනි අයවැය යටතේ ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ රුපියල් ට්‍රිලියන 1.38 ක එනම් රුපියල් බිලියන 1380 ක මුදලින් මුල් මාස නවය තුළ වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 385 ක් පමණක් වීම විශේෂත්වයකි. සිරිමන්ත රත්නසේකර

