
ඉන්ධන ආනයන වියදම 51.5%කින් ඉහළට
FM Heart · 1 min read
මේ වසරේ (2026) ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේ දී මෙරට මුළු ඉන්ධන ආනයන වියදම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් දක්වා සියයට 51.5කින් ඉහළ ගොස් ඇත. ගිය වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේ දී මෙරට මුළු ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් විය. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්‍තාවක මේ බව දැක්වේ. මෙසේ ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම ද පොදුවේ රටේ ආනයන වියදම් වර්‍ධනයට ද හේතු වී ඇත. මේ අනුව ගිය වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේ දී මෙරට මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.3 සිට මේ වසරේ (2026) ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේ දී මෙරට මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 18.6 ක් දක්වා සියයට 21.3 කින් ද සැලකිය යුතු ලෙස වර්‍ධනය වී ඇත. මේ අතරම මෙසේ මුළු ඉන්ධන ආනයන වියදම් වැඩිව වුව ද, මේ වසරේ (2026) සැප්තැම්බර් මාසයේ දී මාසික ඉන්ධන ආනයන වියදම අඛණ්ඩව පස්වන මාසයටත් පහළ ගොස් ඇති බව ද මහ බැංකුව නිකුත් කළ එම වාර්‍තාවේ දැක්වේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත

