
බැසිල්ගේ වරෙන්තු ලේඛන ප්‍රමාදයි
FM Heart · 2 min read
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීම සඳහා අධිකරණ දෙකක් මගින් ජාත්‍යන්තර නිල් සහ රතු වරෙන්තු ලබා ගැනීමට අදාළ නියෝග නිකුත් කර තිබුණද, එකී වරෙන්තු ලබා ගැනීමට අදාළ නිල ලේඛන ගොනු සැකසීමේ ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වෙයි. රජයේ මුදල් අවභාවිතාව සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කොළඹ කොටුව සහ මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ තුළ නඩුකරයන් දෙකක් විභාග වෙමින් පවතියි. මෙසේ ප්‍රමාද වී ඇත්තේ එකී අධිකරණ මගින් පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සහ සැප්තැම්බර් 19 වැනිදා නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තු ලබා ගැනීමට අදාළ ක්‍රියාවලියේ ලිපි ලේඛන සැකසීමේ කටයුතුය. නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව ජාත්‍යන්තර වරෙන්තු ලබා ගැනීමට අදාළ නිල ලේඛන සැකසිය යුතු ආයතනය වේ. එහිදී, චෝදනා පත්‍ර සැකසීම, අදාළ චෝදනා ජාත්‍යන්තර නීතියට හා උදර්පන නීතිවලට අනුකූලදැයි පරීක්ෂා කිරීම සහ ලේඛන ගොනුව නීතිමය වශයෙන් සහතික කිරීම ඇතුළු ප්‍රධාන වගකීම නීතිපති දෙපාර්තමේන්තුවට පැවැරේ. ජාත්‍යන්තර පොලිස් ශාඛාව සැකකරුගේ ඡායාරූප, ඇඟිලි සලකුණු ඇතුළු විමර්ශන තොරතුරු සපයමින් ගොනුව සැකසීමට සහාය වේ. මෙම පමාව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ විමසීමේදී, දේශපාලනඥයකු සම්බන්ධයෙන් රතු සහ නිල් වරෙන්තු ලබා ගැනීමේදී පවතින රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සහ ජාත්‍යන්තර පොලිස් නීතිය යටතේ පවතින දැඩි බාධක මෙම තත්ත්වයට හේතු වී ඇති බව හෙතෙම කීවේය. සිරිමන්ත රත්නසේකර

