FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉරාන යුද්ධය නිම කිරීමට ප්‍රමුඛත්වය දෙනවා ඇමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂය

FM Heart · 2 min read

The Heart Academy
සිය පක්‍ෂය ප්‍රමුඛත්වය ලබා දෙනුයේ ඉරාන යුද්ධය අවසන් කරලීමට බව ඇමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේදී කොංග්‍රස් මණ්ඩලයේ පාලනය සියතට ගත් ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ නායකයා වන චක් ෂුමර් පවසා තිබේ. ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්‍තමේන්තුවට ලබා දෙන අරමුදල් කපා හැරීම ඉරාන යුද්ධය අවසන් කිරීමට ගත හැකි වේගවත්ම ක්‍රියාමාර්‍ගය බවද ඔහු පවසා තිබේ. මේ අතර ඩිමොක්‍රටික් පක්ෂයේ මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පක්‍ෂ නායකයා වන හකීම් ජෙෆ්‍රිස් සිය පක්‍ෂය සේවය කරනුයේ ඇමෙරිකානු ජනතාවට මිසක ඩොනල්ඩ් ට්‍රම්පප්ට, ජේ. ඩී. වෑන්ස්ට හෝ ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට නොවන බව ප්‍රකාශ කර තිබේ. ඉදිරියේදී ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රථම කළු ජාතික කථානායකවරයා ලෙස තේරී පත් වනු ඇති බවට අපේක්ෂා කරන ජෙෆ්‍රිස් සිය පක්‍ෂය මිල ගණන් දරාගැනීම හා වගකිවයුතු වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවත් ඇමෙරිකානු රජයේ පාලනයෙන් බැහැර වූ විධායක ශාඛාවක් ලෙස ක්‍රියා කරන බව ද සඳහන් කර තිබේ. ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ට්‍රම්ප් පරිපාලනයේ පූර්‍ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියා කළ කාලය දැන් අවසන් ව ඇති බවද ඔහු අවධාරණය කර තිබේ. මේ අතර ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ ඊයේ (05දා) සවස් වන විට නිකුත් කර තිබූ ප්‍රතිඵලයට අනුව ඩිමොක්‍රටික් පක්ෂය සෙනෙට් මන්ත්‍රී ආසන 54ක් දිනාගනිමින් එම මණ්ඩලයේ පාලනය සියතට ගෙන ඇති අතර පාලක රිපබ්ලිකන් පක්‍ෂයට හිමිව තිබුණේ ආසන 44 කි. මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන ප්‍රතිඵලයට අනුව ඊයේ සවස වන විට ඩිමොක්‍රටික් පක්‍ෂය ආසන 240ක් දිනා තිබූ අතර රිපබ්ලිකන් පක්ෂයට ආසන 147ක් හිමිව තිබිණි.
99mobile