FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සලේ තවත් තිදෙනකුගේ සහායෙන් කළ මෙහෙයුමකින් පාස්කු ප්‍රහාරය එල්ල වුණා

FM Heart · 2 min read

The Heart Academy
සීඅයිඩීය උසාවියට කළ අනාවරණය සලේ සහ අසාද් මවුලානා හෝටල් කාමර සඳහා මුදල් ගෙවීමට අදාළ ලේඛන සීඅයිඩීය ඉල්ලයි රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ අසාද් මවුලානා නමැත්තා 2020 වසරේදී නවාතැන් ගත් හෝටල් කාමර සඳහා මුදල් ගෙවීමට අදාළ ලේඛන තම දෙපාර්‍තමේන්තුවට ලබාදීමට අහුන්ගල්ලේ පිහිටි එක්තරා හෝටල් කළමනාකාරිත්වයට නියෝගයක් කරන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුව පෙරේදා (04දා) කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතාගෙන් ඉල්ලා සිටියේය. පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශන විධිමත්ව සිදුකිරීම සඳහා එකී ලේඛන අවශ්‍ය බව පෙන්වා දෙමින් එම ඉල්ලීම කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් සුරේෂ් සලේ මහතා තවත් පුද්ගලයන් තිදෙනකුගේ සහාය ඇතිව සිදුකළ සැලසුම් සහගත මෙහෙයුමක් අනුව 2019.04.21 වැනිදා පාස්කු ප්‍රහාර මාලාව එල්ලවී ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය. මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින සුරේෂ් සලේ හිටපු පොලිස්පති, සී. ඩී. වික්‍රමරත්න, හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ හා නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන සිව්දෙනාගෙන් මෙන්ම අසාද් මවුලානා නමැත්තාගෙන් ද ලබාගත් ප්‍රකාශ අනුව ඒ බව අනාවරණය වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් තම දෙපාර්‍තමේන්තුව විසින් දීර්‍ඝ ලෙස විමර්‍ශන සිදුකරනා බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුව රැඳවුම් භාරයේ සිටි සුරේෂ් සලේ මහතා මාස හතරකට අධික කාලයක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටීම නිසා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශන බොහෝ සේ අඩපණ වුවද, එම සැකකරු නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුව භාරයට පත්වීමෙන් පසුව මේ වනවිට යළි විමර්‍ශන කඩිනමින් සිදු කරමින් පවතින බවද කියා සිටියේය. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන්නේ නම් ඔහුව නැවත ලංකාවට ගෙන්වාගත හැකි පරිදි දැඩි කොන්දේසි පනවන ලෙසත්, එසේ නොකළහොත් පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශනවලට දැඩි අගතියක් සිදුවිය හැකි බවත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්‍තමේන්තුවේ නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ. ඒ. ජේ. ඒ. අබේනායක
99mobile