FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රඛිතගේ බැංකු ගිණුම් 4ක් සහ වාහන 3ක් උසාවියෙන් අත්හිටුවයි

FM Heart · 1 min read

The Heart Academy
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් 04ක් සහ වාහන 03ක් ලබන පෙබරවාරි මස 05 වැනිදා දක්වා තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (05) නියෝග කළේය. 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ප්‍රකාරව මෙම දේපළ අත්හිටුවීම සම්බන්ධයෙන් දින 07ක් ඇතුළත මහාධිකරණයට කරුණු දැක්විය යුතුව ඇති බැවින් ඊයේ අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයට මෙම කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරිණි. මෙම පනත ප්‍රකාරව අල්ලස් කොමිසම විසින් ඉකුත් 30 වැනිදා නීතිඥ රඛිත රාජපක්ෂට අයත් මෙම දේපළ අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව සැකකාර රඛිත රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්‍තා කර ඇත. ඒ අනුව මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස චරිත් අබේසිංහ, දෙවැනි සැකකරු ලෙස රඛිත රාජපක්ෂ සහ තෙවැනි සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අය රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත මුදා හැර සිටිති. ඒ.ජේ.ඒ. අබේනායක
99mobile