
ක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප – ඒත් ඇතුළට
FM Heart · 1 min read
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ නියම කළේය. නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා දැඩි ලෙස අසනීප තත්ත්වයකින් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරුන් ඉකුත්දා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණි. එහෙත් එම ඉල්ලීමට අල්ලස් කොමිසම විසින් විරෝධය පළ කරනු ලැබීය. කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ඊයේ ප්‍රකාශයට කළේය. කොළඹ, ට්‍රාන්ස්වර්ක් චතුරස්රයේ පිහිටි ඉඩමක් ඉන්දියානු ක්‍රිෂ් සමාගමට බහු කාර්ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ කටයුතු ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි. කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධ තවත් නඩුවකට අදාළව නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියි. ඒ. ජේ. ඒ. අබේනායක ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

