FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඩේසි ආච්චි නිදහස්

FM Heart · 3 min read

The Heart Academy
යෝෂිතට අධිචෝදනා කියවා දෙයි: මම නිවැරදිකරු – යෝෂිත අධිකරණයට කියයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමග චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය. අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම්වල තැන්පත් කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි. මෙම නඩුකරය ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙසේ කීවේය. ‘ස්වාමීනි, මෙම නඩුකරයට සමාන තවත් නඩුවක් මෙම අධිකරණයේ අංක 08 අධිකරණයේ විභාග වෙනවා. එම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවකදී විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නුගේගොඩ දිසා අධිකරණයේ පැවති දේපළ නඩුවකදී මෙම විත්තිකාරියට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බව තීන්දු කරමින් ඇයගේ දේපළ කළමනාකරණය කිරීම සඳහා කළමනාකරුවෙකු පත්කරන ලෙස එම අධිකරණය විසින් නියෝග කර තිබුණා. ඒ අනුව මෙම විත්තිකාරියට මෙම නඩුවට මුහුණ දීම සඳහා සුදුසු මානසික තත්ත්වයක් තිබේ දැයි පරීක්ෂා කර බලා තීරණයක් ගන්නා ලෙසත් ඇගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්‍තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කර තිබුණා. ඒ අනුව මෙම විත්තිකාරියගේ මානසික තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් එම පරීක්ෂණ සිදු කරනු ලැබුවා. එම වෛද්‍යවරු සිය වෛද්‍ය වාර්‍තාව තුළින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම විත්තිකාරියට අධිකරණයට පැමිණීමට හැකියාවක් තිබුණත් නඩුවේදී විත්ති වාචකය ඉදිරිපත් කිරීම සඳහා සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට යි. ඒ අනුව එම විත්තිකාරිය අදාළ නඩුවෙන් මුදාහැරීමට ද අධිකරණය නියම කර තිබුණා. ඒ අනුව කටයුතු කරමින් මෙම නඩුවෙන් ද විත්තිකාරිය මුදාහරින ලෙසත් මා ඉල්ලා සිටිනවා,’ ඉන් අනතුරුව විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මිය මුදාහරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. ඉන් අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිචෝදනා පත්‍රය අධිකරණයේ අවසරය මත රජයේ නීතිඥවරයා විසින් සංශෝධනය කරනු ලැබී ය. ඉන්පසුව එම සංශෝධිත අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේ කියවනු ලැබිණි. එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්‍ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ, මූලික විරෝධතාවලට යටත්ව එම චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කරන බව ය. ඒ. ජේ. ඒ. අබේනායක ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත
99mobile