
කථානායකට එරෙහි විශ්වාසභංගයට ඉඩ නොදීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කැඩිලා
FM Heart · 4 min read
“කවුද හොරා-පීඑච්අයි, කොට්ට හොරෙක්, මෙට්ට හොරෙක්” විපක්ෂයේ මන්ත්‍රීවරු මැති සබය මැද සටන් වැකි කියති විරෝධතා පුවරු ඔසවති වේත්‍රධාරී ඇතුළු නිලධාරිහු සෙංකෝලය ආරක්ෂා කර ගැනීමට වට වෙති නලින්ද ජයතිස්ස කතා කරන විට විපක්ෂයේ අය ඔහුගේ ‘මූණ වසති’ නලින්ද එක් පුවරුවක් ඇද වීසි කරයි ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරයෙක් තවත් පුවරුවක් කෑලි කෑලිවලට ඉරයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදීමෙන් විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ වූ බව කියමින් පුවරු ඔසවමින්, විවිධ සටන් පාඨ කියමින් සභාව මැදට සහ ආණ්ඩු පක්ෂය ආසන්නයටම පැමිණ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී ඊයේ (03දා) පෙරවරුවේ දැඩි විරෝධයක නිරත වූහ. ඊයේ දිනට නියමිත සභාවේ කටයුතු ආරම්භ වී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් විමසන ප්‍රශ්න වටය අවසන්වූ පසුව ප්‍රථමයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගීසිටිමින් කියා සිටියේ තම මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බවත් ඒ පිළිබඳ ප්‍රකාශයක් කියවීමට ඇති බවත්ය. එහෙත් මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා කියා සිටියේ එම ප්‍රකාශය ඇතුළත් ලිපිය තමාට සභාව ආරම්භ කිරීමට මොහොතකට පෙර ලැබුණු බැවින් තමාට කියවීමට නොහැකි වූ බවය. එබැවින් එය සභාවේ කියවීමට පසුව අවස්ථාව ලබා දිය හැකි බව ද හෙතෙම කීවේය. ඒ සමගම විපක්ෂයේ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, මුජුබුර් රහුමාන් යන මන්ත්‍රීවරුන් ද රීති ප්‍රශ්න මතු කරමින් කියා සිටියේ තමන් ද එවැනි ලිපි භාර දුන් බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාට එරෙහිව ගෙන ආ විශ්වාශභංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදීමෙන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වූ බවත්ය. ඒ අතරතුර විපක්ෂයේ සිටි සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු එතෙක් සඟවාගෙන සිටි විරෝධතා වැකි සහිත පුවරු ඔසවමින් සභාවේ කෑකෝ ගසන්නට වූහ. ‘ජනාධිපතිතුමනි, දූෂිත කථානායක නීතියට උඩින් ද’, ‘කථානායක රාජ්‍ය දේපළ අවභාවිතාවේ’, ‘කථානායකට එරෙහි විශ්වාසභංගය විවාද නොකරන්නේ ඇයි’, ‘කොට්ට උර 2යි – බෙඩ් ෂීට් 2යි කථානායක ඉවත් වෙනු’, ‘දූෂිත කථානායක ඉන්ධන අවභාවිතා කරයි’, ‘කථානායක විශ්වාසභංගයට බය ඇයි’, ‘පාර්ලිමේන්තුවේ ප්‍රධානියා දූෂිතයි’ ආදී වැකි එම පුවරුවල සටහන් කර තිබිණි. හොර කථානායක කෝ, හොරාට එන්න කියාපිය, ජගත් හොරා, කවුද හොරා – ජගත් හොරා, රජයේ මුදල් කෑවේ කවුද, කවුද හොරා – පීඑච්අයි, කොට්ට හොරෙක්, මෙට්ට හොරෙක්, පල්ම හොරෙක්, කථානායකට එන්න කියාපිය – මේවට උත්තර දෙන්න කියාපිය… ආදිය කියමින් පසුව විපක්ෂ මන්ත්‍රීවරු සභාව මැදට පැමිණ පුවරු ඔසවා කෑ කෝ ගසමින් විරෝධතාවේ නිරත වූහ. ඒ අතරතුර විපක්ෂනායක සිය වරප්‍රසාද උල්ලංඝනය කළ බවට සඳහන් ප්‍රකාශය කියවීමට අවස්ථාව ඉල්ලීය. මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුව මොහොතකට කල්තබා මෙම ප්රශ්නය සම්බන්ධයෙන් කතා කිරීමට පක්ෂ නායක හමුවක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් විපක්ෂයේ දැඩි බාධාකිරීම් සහ ඝෝෂාව මධ්‍යයේ දිනට නියමත යෝජනාවන්හි සඳහන් කර තිබූ ආණ්ඩු පක්ෂයේ කටයුතු දිගටම කරගෙන යාමට කටයුතු කෙරිණි. විපක්ෂයේ අය සෙංකෝලය ආසන්නයටම ගිය බැවින් වේත්‍රධාරී ඇතුළු එම නිලධාරිහු සෙංකෝලය ආරක්ෂා කර ගැනීමට ඊට වටවූහ. පසුව 1983 කලු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත් ඉන් පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට සහ මැදපෙරදිග යුදමය වාතාවරණයෙන් මෙරටට සිදුව ඇති බලපෑම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට කටයුතු කෙරිණි. එම යෝජනා ඉදිරිපත් කිරීම සහ ස්ථිර කිරීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සිදු කළ අතර අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා සිය අදහස් දැක්වීම ආරම්භ කළ විට විපක්ෂයේ මන්ත්‍රීවරු ඔහු ඉදිරියටම ගොස් කෑකෝ ගසමින් ඇමැතැවරයාගේ මුහුණ රූපවාහිනී තිරයට නොපෙනෙන පරිදි පුවරු ප්‍රදර්ශනය කරන්නට වූහ. නලින්ද ඇමැතිවරයා එම එක් පුවරුවක් ඇද දමා පසෙකට වීසි කළ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු තවත් එවැනි පුවරුවක් ඇද ඉන් කෑල්ලක් කඩා ගනු දක්නට ලැබිණ. නලින්ද ජයතිස්ස ඇමැතිවරයා වටා සහ ඔහු අවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැස්ව ඔහුට සහයෝගය පළ කළහ. සුළු වේලාවකින් අනතුරුව පාර්ලිමේන්තුව දිවා ආහාරය පිණිස පැය භාගයකට අත්හිටුවීමෙන් පසුව දෙපක්ෂයේම අය සභාවෙන් පිටව ගියහ. දිවා විවේකයෙන් පසුව සභාව රැස්වූ පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවිධ අදහස් පළ කරමින් කතා කරනු දක්නට ලැබිණ. අකිත පෙරේරා

