
ප්‍රධාන පොලිස් පරීක්ෂ වරුණි බෝගහවත්ත 6 දා තෙක් රිමාන්ඩ්
FM Heart · 2 min read
වැටුප රු. 140000යි: ලීසින් වාරිකය රු.132000යි වාහනයක් මීලදී ගැනීමට හා කල්බදු වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණ ආකාරය කරුණු තහවුරු කිරීමට නොහැකි වීම ඇතුළු වෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ලබන සිකුරාදා (06දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය. අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය සහ තවත් පුද්ගලයෝ දෙදෙනෙක් ඊයේ (03) පස්වරුවේ මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩල දිර්‍ඝ ලෙස කරුණු දැක්වූහ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව සඳහන් කළේ සැකකාරියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවය. එමෙන් ම සැකකරියගේ වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස්දාහක් බවත් මෝටර් රථයේ කල්බදු වාරිකය රුපියල් එක් ලක්ෂ තිස් දෙදහක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව උසාවියට පැවසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකාරිය ලබන 06 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නොයෝග කළේය. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්‍ශන වාර්‍තා සිකුරාදා දින සිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවට නියෝග කෙරිණි. සැකකාරිය වෙනුවෙන් සාරංග වාදසිංහ, සමීර මීකඳවත්ත, කසුන් නනායක්කාර, උදිෂා විරරත්න, දිනේෂ් ගමගේ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ. කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන වරුණි බෝගහවත්ත මහත්මිය සතු හොන්ඩා වෙසල් (Honda Vezel) වර්‍ගයේ මෝටර් රථය, ඉකුත් දා පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්‍ශන කොට්ඨාසය (FCID) විසින් සිය භාරයට ගනු ලැබීය. ඒ.ජේ.ඒ. අබේනායක

