FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

යාපනයෙන් බදුල්ලෙන් එක එක කැපෙයි: කොළඹට ගම්පහට මන්ත්‍රී ධුර වැඩිවෙයි

FM Heart · 1 min read

The Heart Academy
2026 වර්‍ෂය සඳහා වූ ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනයට අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකට එක් පාර්‍ලිමේන්තු මන්ත්‍රී ධුරය බැගින් මන්ත්‍රී ධුර දෙකක් වැඩි වී ඇත. ඡන්ද හිමියන් සංඛ්‍යාව සැලකිල්ලට ගෙන යාපනය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ධුර දෙකක් අඩු වී එම මන්ත්‍රී ධුර දෙක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකට එකතු වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (03දා) පැවසීය. 2026 වර්‍ෂය සඳහා වූ ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනය හා 2026(1) පරිපූරක ඡන්දහිමි නාමලේඛනය අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ඡන්දහිමියන් සංඛ්‍යාව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 වන ව්‍යවස්ථාවේ (8) වන අනු ව්‍යවස්ථාවේ නියමය අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසය සඳහා තෝරාපත් කරගැනීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාව මතු දක්වා ඇති අතර, ඒ හා සම්බන්ධ අංක 2511/02 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
99mobile