FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දුම් දමාගෙන යන වාහනවල පින්තූර එවන්න පොලිසියෙන් WhatasApp අංකයක්...

FM Heart · 2 min read

The Heart Academy
පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ, අධික වේගය, අපරීක්ෂාකාරී රිය ධාවනය මෙන්ම සෙසු මාර්‍ග පරිශීලකයින්ගේ සහ පදිකයින්ගේ ජීවිත අනතුරේ හෙළමින් සිදුකරන නොසැලකිලිමත් ක්‍රියාකලාපයන් මෑතකාලීන මාරක අනතුරුවලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි. විශේෂයෙන්ම මෑතකදී අනතුරුවලට ලක්වූ මගී ප්‍රවාහන බස් රථ රැසක් නීතිවිරෝධී ලෙස අනතුරුදායක අමතර කොටස් සවිකර නවීකරණය කරන ලද ඒවා බවත්, ඒවා සතුව නිසි ධාවන යෝග්‍යතා හෝ යාන්ත්‍රික තත්ත්ව වාර්‍තා නොමැති බවට නිරීක්ෂණය වී ඇති බවත් පොලිසිය අනාවරණය කරයි. අපරීක්ෂාකාරී හා අන්තරාදායක රිය ධාවනයන් නිරීක්ෂණය වන්නේ නම්, මහජනතාවට ඊට අදාළ වීඩියෝ දර්‍ශන 070 - 4755600 යන වට්ස්ඇප් අංකයට යොමු කළ හැකිය. මහජනතාව ලබාදෙන මෙවැනි වීඩියෝ සාක්ෂි පදනම් කරගනිමින් මේ වන විටත් වරදකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට හැකිවූ බව පොලිසිය සිහිපත් කරයි. මීට අමතරව පරිසරයට හා මහජන සෞඛ්‍යයට හානිකර වන අයුරින් අධික කළුදුම පිටකරමින් ධාවනය වන වාහනවල අංකය, දිනය සහ ස්ථානය සහිත ඡායාරූප හෝ වීඩියෝ 070 - 3500525 යන වට්ස්ඇප් අංකයට යොමු කළ හැකි බව ද පොලිසිය සඳහන් කරයි. හදිසි අවස්ථාවන්හිදී දැනුම් දීම සඳහා පහත අංක ද විවෘතව පවතී: ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන රිය අනතුරුවලින් පුද්ගලයන් 06ත් 08ත් අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන අතර, වාර්‍ෂික මාරක රිය අනතුරු සංඛ්‍යාව 2,500 සීමාව ඉක්මවයි. මෑතකාලීනව පෞද්ගලික බස් රථ අතර පවතින වේග තරගය, අනතුරුදායක අතිරේක විදුලි ආලෝක ධාරා සහ අධික ශබ්ද නිකුත් කරන බහු නාද නළා භාවිත කරමින් සිදුකරන ධාවනයන් බරපතළ සමාජ ගැටලුවක් බවට පත්ව තිබිණි. මහජනතාව සතු ජංගම දුරකථන සහ රථවාහන කැමරා (Dashcams) මඟින් ලබාගන්නා දර්‍ශන ඔස්සේ වැරදිකරුවන් නීතියට හසුකර දීමේ ක්‍රමවේදය මෑතකාලීනව දැඩි සාර්‍ථකත්වයක් අත්පත් කරගෙන ඇති අතර, එය තවදුරටත් විධිමත් කරමින් වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්‍ග ගැනීමට පොලිසිය සැරසේ.
99mobile