FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වැඩ කරනකොටයි අමාරුකම තේරෙන්නේ.. සින්ඩරෙල්ලාගේ මැජික් පොල්ලෙන් රටවල් හදන්න බෑ..- හදුන්නෙත්ති

FM Heart · 2 min read

The Heart Academy
මාතර ප්‍රදේශයේ (11) පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වර්‍තමාන තත්ත්වය තුළ සාමාන්‍ය මාර්‍ගයක් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය කෙරෙන තාර ටික හෝ සපයා ගැනීම පවා අතිශය දුෂ්කර කාර්‍යයක් බවට පත්ව ඇති බවයි. ආණ්ඩුවේ කාර්‍යභාරය සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විවිධ පාර්‍ශ්ව නඟන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "අවුරුදු දෙකක් ගතවන විට රජය සිදුකළේ කුමක්දැයි ඇතැම් පිරිස් ප්‍රශ්න කරනවා. ඔවුන් සිතා සිටින්නේ සින්ඩරෙල්ලාගේ මැජික් පොල්ල පැද්දාක් මෙන් වසර දෙකකින් සියල්ල මැවිය හැකි බවයි. නමුත් අපට උරුම වී ඇත්තේ වසර 76ක් තිස්සේ ජනතාව පීඩාවට පත් කළ බිඳවැටුණු ආර්‍ථිකයක් සහ සමාජයක්. වෙනකක් තබා මේ දිනවල මාර්‍ගයකට දැමීමට තාර සොයා ගැනීම පවා පහසු නෑ. නිකම්ම බලා සිටින කෙනෙකුට ඕනෑම දෙයක් ඇසිය හැකියි. කාර්‍යයක නියැළෙන විටයි එහි පවතින සැබෑ අපහසුතාව තේරුම් ගත හැක්කේ. කිසිවක් නොකර නිහඬව සිටීම ඉතා පහසුයි, එවිට බැනුම් ඇසීමට ද සිදු වන්නේ නැහැ." දරුණු ආර්‍ථික බිඳවැටීමෙන් අනතුරුව බලයට පත් ජාතික ජන බලවේග රජය හමුවේ, මහජනතාව තුළ පවතින ඉහළ අපේක්ෂාවන් සහ සැබෑ ආර්‍ථික බිම් මට්ටමේ පවතින සම්පත් සීමාවන් කළමනාකරණය කර ගැනීම ප්‍රධාන අභියෝගයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය හිඟය, දැඩි ආනයනික සීමා සහ ටෙන්ඩර් පටිපාටිවල පවතින ප්‍රමාදයන් හේතුවෙන් දිවයින පුරා මාර්‍ග ඇතුළු යටිතල පහසුකම් සංවර්‍ධන ව්‍යාපෘති රැසකට අමුද්‍රව්‍ය හිඟය දැඩිව බලපා ඇත. දේශපාලන පොරොන්දු සහ ක්ෂණික විසඳුම් වෙනුවට, රට යථා තත්ත්වයට පත් කිරීමේදී පවතින ප්‍රායෝගික හා ව්‍යුහාත්මක බාධාවන් ජනතාවට පැහැදිලි කරදීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙලෙස උත්සාහ දරමින් සිටිති.
99mobile