
ධනංජයගෙන් සහ කුසල්ගෙන් විශිෂ්ට ශතක දෙකක් – ශ්‍රී ලංකාව ලකුණු 404යි
FM Heart · 1 min read
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පින්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 404ක් ලබා සිටිනවා. ඒ අනුව, පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 30ක් පිටුපසින් ශ්‍රී ලංකාව පසුවනවා. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ ධනංජය ද සිල්වා පන්දු 241කදී හතරේ පහර 20ක් සමඟ නොදැවී ලකුණු 167ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් පන්දු 188කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 117ක් ලබා ගත්තා. ඊට අමතරව කමිඳු මෙන්ඩිස් ලකුණු 58ක් සහ ලහිරු උදාර ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 12ක් තුළ බිඳ වැටුණද, අනතුරුව පිටියේ එක්වූ පිතිකරුවන් සාර්‍ථක සබඳතා ගොඩනඟමින් ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් අබ්බාස් ලකුණු 64කට කඩුලු 2ක් සහ සකිබ් ඛාන් ලකුණු 105කට කඩුලු 2ක් දවා ගත්තා. ඒ අනුව, තරගයේ සිව්වැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේ වාසිය ලබාගැනීමේ අවස්ථාව පවතිනවා.

