
පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල – බණ්ඩාරවෙල මාර්‍ගය අවහිර වෙයි
FM Heart · 1 min read
බදුල්ල – බණ්ඩාරවෙල මාර්‍ගයේ උඩුවර හයේ කණුව අසලදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්‍ගයේ ගමනාගමන කටයුතු සම්පූර්‍ණයෙන්ම අවහිර වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩුවර ප්‍රදේශයේදී අද (11) සවස 7.50ට පමණ මෙම ආපදා තත්ත්වය වාර්‍තා වූ බවයි. පස් කන්ද කඩා වැටීමත් සමඟ මාර්‍ගය සම්පූර්‍ණයෙන්ම අවහිර වී ඇති අතර, මාර්‍ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ අංශ මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටියි. එබැවින්, එම මාර්‍ගය භාවිත කරන රියදුරන් සහ මගීන් විකල්ප මාර්‍ග භාවිත කරන ලෙස බලධාරීහු දැනුම් දෙති.

