FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොලඹ ප්‍රදේශ රැසක ජලයෙන් යටවෙයි.. කටුනායක අධිවේගයත් යටවේ..

FM Heart · 2 min read

The Heart Academy
මාර්‍ග සංවර්‍ධන අධිකාරිය පෙන්වා දෙන්නේ, කටුනායක අධිවේගී මාර්‍ගයේ කොළඹ දෙසට වන පිටවුම් මංතීරුව ආශ්‍රිතව දැඩි ලෙස වැසි ජලය පිරීම නිසා වාහන පිටවීම මුළුමනින්ම පාහේ අවහිර වී ඇති බවයි. මේ හේතුවෙන් අධිවේගී මාර්‍ගය තුළ මෙන්ම ඒ අවට පිවිසුම් මාර්‍ගවල ද කිලෝමීටර් ගණනක් දුරට වාහන පෝලිම් හටගෙන තිබේ. මේ අතර ආමර් වීදියේ සිට ඉඟුරුකඩේ හන්දිය දක්වා වූ මාර්‍ගය මෙන්ම බේස්ලයින් හන්දියේ සිට ස්ටුවර්‍ට් හන්දිය දක්වා වූ ප්‍රධාන මාර්‍ග කොටස් ද සම්පූර්‍ණයෙන්ම ජලයෙන් යටවී ඇත. ප්‍රධාන මාර්‍ගවල අඩි දෙකකට අධික උසකට ජලය රැඳී පැවතීම හේතුවෙන් කුඩා මෝටර් රථ සහ ත්‍රිරෝද රථ ධාවනය ඇණහිට ඇති අතර, ඒ ඔස්සේ තොටළඟ, පෑලියගොඩ, ග්‍රෑන්ඩ්පාස් සහ මාලිගාවත්ත දෙසින් කොළඹට ඇතුළු වන රථවාහන ගමනාගමනයට බරපතළ බාධා එල්ල වී ඇත. රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් යොදවා ඇති අතර, හැකිතාක් විකල්ප මාර්‍ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින ක්‍රියාකාරී කැළඹිලි ස්වභාවය හමුවේ බස්නාහිර සහ ඒ අවට පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව අනතුරු අඟවා තිබිණි. කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් හා පෑලියගොඩ ප්‍රදේශයේ කානු පද්ධතිවල ධාරිතාව ඉක්මවා යමින් වැසි ජලය ක්ෂණිකව එකතු වීම මෙම ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
99mobile