FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඥානසාර හිමි රඳවා තබා ගැනීම නීති විරෝධීයි - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා (Video)

FM Heart · 2 min read

The Heart Academy
බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි රඳවා තබාගෙන සිටින්නේ නීතිවිරෝධීව බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කියා සිටියි. කොළඹ මල්පාරෙ එජාප පක්ෂ කාර්‍යාලයේ ජනතාවාදි ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවේදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මේ බව කියා සිටියේය. යම් තැනැත්තෙක් සිරගත කළහොත් අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව බන්ධනාගාර කොමසාරිස් වෙත අධිකාරි පත්‍රයක්, වරෙන්තුවක් නිකුත් කළ යුතු බව ඔහු පෙන්වාදෙයි. ඒ අනුව කළ වරද කුමක්ද, දිනය සහ රඳවා තිබිය යුතු කාලසීමාව ඇතුළත් විය යුතුබවත්, අදාළ නියෝගයේ මේ කිසිවක් සඳහන් වෙලා නොමැති බවත්, තමා සිතන විදිහට මේ අධිකාරි වරෙන්තුවෙන් මේ කිසිවක් සඳහන්ව නැතැයි ද හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් පවසා ඇත. බන්ධනාගාර කොමසාරිස්වරයා ඥානසාර හිමියන් රඳවා තබාගෙන සිටින්නේ නීතියට පටහැනිව ඉදිරිපත් කරන ලද අධිකාරි පත්‍රයක් මත යැයිද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කරයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබාදීමේ කාර්‍යය පටිපාටියේ දෝෂයක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාව අවලංගු කළද ඥානසාර හිමි නැවත සිරගත කළ යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිසිම නියෝගයක් නොකළ බවද හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේය. ඥානසාර හිමියන්ට දඬුවමේ ඉතිරි කාලයට සිරගත කළ යුතුයැයි බන්ධනාගාරයට අභියාචනාධිකරණය නියෝගයක් ලබා දුන්නද අභියාචනාධිකරණයට එම අවස්ථාවේ ඊට අදාළ කිසිම බලයක් නැති බවද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය. එබැවින් මෙය නීතිවිරෝධි රඳවා ගැනීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
99mobile