
ආහාර රැසක මිල ඉහලට.. මිරිස් 1600යි.. ලූනු 525යි..
FM Heart · 2 min read
මහ බැංකු වාර්තාවට අනුව, පිටකොටුව වෙළෙඳපොළට ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ලැබෙන වම්බටු තොග සීමා වීම හේතුවෙන් වම්බටු කිලෝවක සිල්ලර මිල පෙර දිනයේ පැවති රුපියල් 450 සිට රුපියල් 500 දක්වා ඉහළ ගොස් ඇත. පිටකොටුව තොග වෙළෙඳපොළේ ගෝවා කිලෝවක මිල රුපියල් 500 සිට 650 දක්වා ඉහළ යාමත් සමඟ එහි සිල්ලර මිල රුපියල් 700 දක්වා වැඩි වී තිබේ. තවද, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක සිල්ලර මිල පෙර දිනයේ පැවති රුපියල් 580 සිට රුපියල් 715 දක්වා රුපියල් 135කින් ඉහළ ගොස් ඇති අතර, කැරට් කිලෝවක සිල්ලර මිල ද රුපියල් 395 සිට 435 දක්වා ඉහළ ගොස් ඇත. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක මිල තවදුරටත් රුපියල් 800ක ඉහළ මට්ටමක පවතින බවද වාර්තා වේ. දේශීය රතු ළූණු පිටකොටුවේ සිල්ලර මිල රුපියල් 500 සිට 525 දක්වාත්, ආනයනික රතු ළූණු තොග මිල රුපියල් 517 දක්වාත් ඉහළ ගොස් තිබේ. වියළි මිරිස් (ආනයනික) පිටකොටුවේ සිල්ලර මිල රුපියල් 1,550ක් සහ දඹුල්ලේ සිල්ලර මිල රුපියල් 1,605ක් දක්වා වැඩි වී ඇත. පොල්තෙල් පිටකොටුව වෙළෙඳපොළේ ලීටරයක සිල්ලර මිල රුපියල් 868 සිට 882 දක්වා ඉහළ ගොස් තිබේ. ලොකු ළූණු (ආනයනික) පිටකොටුව තොග මිල රුපියල් 281 සිට රුපියල් 300 දක්වා වැඩි වී ඇත. මසුන් වෙළෙඳපොළ තුළද හුරුල්ලා කිලෝවක සිල්ලර මිල නාරාහේන්පිටදී රුපියල් 1,200 සිට 1,300 දක්වා ඉහළ ගොස් ඇති අතර, පෑලියගොඩ තොග වෙළෙඳපොළේ තලපත් කිලෝවක් රුපියල් 2,000කට සහ නාරාහේන්පිට සිල්ලර මිල රුපියල් 2,400කට ඉහළ මට්ටමක වාර්තා වේ.

