FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පස් කන්දක් කඩා වැටී උඩරට දුම්‍රිය ධාවනයට සීමා

FM Heart · 1 min read

The Heart Academy
උඩරට දුම්‍රිය මාර්‍ගයේ බණ්ඩාරවෙළ සහ හීල්ඔය අතර, 162/54 සැතපුම් කණුව අසළට අද (04) අලුයම විශාල පස් කන්දක් සහ ගල් පෙරළීමෙන් දුම්‍රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. නානුඔය දුම්‍රිය ස්ථානයේ නිලධාරියෙකු සඳහන් කළේ, දුම්‍රිය මාර්‍ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීමට පැය හයක පමණ කාලයක් ගතවනු ඇති බවයි. ඒ අනුව, නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්‍රිය අද බණ්ඩාරවෙළ දුම්‍රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කර තිබේ.
99mobile