
විහාරමහාදේවි විරෝධතාව: නීති කැඩූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග
FM Heart · 1 min read
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැති විරෝධතාවයේදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කළැයි කියන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය. එමෙන්ම එම විරෝධතාවයේදී විහාරමහා දේවි උද්‍යානයේ එල්ලා තිබූ බැනර් සහ පෝස්ටර් ගලවා ඉවත් කිරීම සඳහා එම ස්ථානයට ගිය කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් සහ උද්‍යාන භාර නිලධාරීගේ රාජකාරියට බාධා කර අවහිර කළ පුද්ගලයින් ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද අධිකරණයෙන් කුරුදුවත්ත පොලිසියට තවත් නියෝගයක් නිකුත් කෙරුණි. මෙම විරෝධතාව සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබූ පැමිණිලි දෙකක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

