
මාලිමා SLBC සභාපතිගේ පඩිය නීති විරෝධීයි… ඔහුට ලක්ෂ හයහමාරක් පඩි කන්න බෑ… උපරිම ලක්ෂ දෙකහමාරයි…!
FM Heart · 2 min read
වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරයට පත්කළ ආචාර්ය උදිත ගයාන් ගුණසේකර නීති විරෝධී ලෙස අති විශාල වැටුපක් ලබා ගනිමින් සිටින බව ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි. “ගුවන් විදුලි සංස්ථාවෙ සභාපති උදිත ගයාශාන් ගුණසේකර ජවිපෙ වෙලත් සංස්ථාවෙ ආදායම ලක්ෂ 12ක් වෙනකොට අලාභ ලබන ඒ ආයතනයෙන් 660,000ක් පඩි ගන්නව නෙ. නමුත් උදිත පාර්ලිමේන්තු කමිටුවට කිව්වෙ එයා විශ්ව විද්‍යාලයෙ ඉන්නකොට ලැබුණ පඩියෙ ගාන තාමා සංස්ථාවෙන් ගන්නෙ කියල. ඇකඩමික් අලවන්ස්, රිසර්ච් අලවන්ස්, බුක් අලවන්ස් ආදී වශයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුගෙ මූලික පඩියට එකතුවෙනව. මම දන්න හැටියට මේ මෑතක් වෙනකම් විශ්වවිද්‍යාල කෙනෙක් රජයේ වෙනත් ආයතනයක සේවයට ගියොත් ඕන නම් ගන්න පුළුවන් කලින් දරපු තනතුරයි අලුත් තනතුරයි අතරින් මූලික වැටුපෙන් වැඩි එක. උදාහරණයකට හිතමු ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිගෙ මූලික වැටුපට [දීමනාවට] වඩා විශ්ව විද්‍යාලයේ මූලික වැටුප වැඩියි කියල. එහෙම වෙලාවට ඒ පුද්ගලයාට පුළුවන් විශ්ව විද්‍යාලයෙන් ලැබුණ මූලික වැටුප ගන්න. ඒත් ඒක ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයෙන් මිසක ගුවන් විදුලි සංස්ථාවෙන් නෙමෙයි. ගුවන් විදුලි සංස්ථාවෙන් ගන්නවා නම් උදිත විශ්ව විද්‍යාලයේ ඉන්නකොට ලැබුණ මූලික වැටුප, ගුවන් විදුලි සංස්ථාවට විශ්ව විද්‍යාලයෙන් රීඑම්බර්ස් කරන්න ඕන. මෙතෙක් රාජ්‍ය ආයතවල සභාපති සහ වෙනත් තනතුරු දැරූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අනුගමනය කළ මුල්‍ය රෙගුලාසිය එයයි. ඒ පරණ නීති දැන් වෙනස් කරල වුණත් ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයෙන් ලබපු මූලික වැටුප විතරයි. උදිත ගුවන් විදුලි සංස්ථාවෙන් මේ ගන්න පඩිය අනුව පේන්නෙ අර අලවන්ස් එකතු කරපු පඩිය කියල. 2026 නොවෙම්බර් 21 දිනට මහාචාර්යවරයෙකුගේ මූලික වැටුප ලක්ෂ දෙකයි ගානයි. [261,330යි]. මම දැන් උදිතට අභියෝගයක් කරනවා, එයා විශ්ව විද්‍යාලයේ දි ගත්ත මූලික වැටුප සමාජයට කියන්න කියල.” සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. -emanisa

