FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කැඩුණු බඩුවලට බේසමක් දුන්නාම ඔක්කොම හරිද? ඉලෙක්ට්‍රොනික කුණුගොඩ අස්සේ සැඟවුණු ඩොලර්

FM Heart · 2 min read

The Heart Academy
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණයට අප යා යුත්තේ ඇයි ? “පරණ යකඩ… පරණ බාල්දි… කැඩුණු පිත්තල පහන්… ෆෝන් චාජර්… ෆෝන් බැටරි… කැඩුණු ඉලෙක්ට්‍රික් බඩුවලට අලුත් බේසමක් දෙනවා අලුත් මදුරු දැලක් දෙනවා….” මේ හඬ නෑසෙන පරණ බට්ටා ලොරියක් නොයන පාරක් ලංකාවේ මොන පළාතෙත් නැති තරම්. පරණ ලට්ට ලොට්ට කුණු එකතු කරන මේ ලොරියෙන් එකතු වෙන කුණු ගොඩේ සැඟවුණු ලොකු කතාවක් තියෙනවා. අපේ ගෙදර මුල්ලක, අල්මාරියක, ලාච්චුවක බලන්න. කැඩුණු ෆෝන් එකක්, චාජර් වෙන්නැති කේබල් ගොඩක්, පරණ රිමෝට් එකක්, වැඩ නැති ලැප්ටොප් එකක් ඇති. අපි ඒවා කුණු කියලා හිතලා තියාගෙන ඉන්නවා. ඒත් ඇත්තටම ඒවා කුණු නෙවෙයි. ඒවා විසත් එක්ක හැංගිලා තියෙන සම්පතක්. අපි මේ කතා කරන්නේ ලංකාවේ වේගයෙන්ම වැඩි වෙන කුණු වර්‍ගය ගැන. ඒ තමයි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. එහෙමත් නැත්තම් E-Waste’ ලංකාව වසරකට E-Waste ටොන් ලක්ෂ 1,75,000ක් විතර එකතු වෙනවා කියලා එක්සත් ජාතීන්ගේ Global E-waste Monitor 2024 වාර්‍තාවේ සඳහන් වෙනවා. ලෝකයේ වසරකට හැදෙන E-Waste ටොන් මිලියන 62න් නිසි විදියට එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 22.3ක් විතරයි. ලංකාවේ කොච්චර එකතු වෙනවද කියලා නිශ්චිත දත්තයක්වත් නැහැ. ඒක තමයි මේ වන විට ඇති ලොකුම ප්‍රශ්නය. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණයට අපි යා යුත්තේ ඇයි? යන ගැටලුවට අප නිරුත්තරව සිටින්නේ ඒ නිසයි. සෞඛ්‍යයට ප්‍රශ්නයක් E-Waste වල තියෙන්නේ අපි හිතනවාටත් වඩා භයානක දේවල්. රසදිය, ඊයම්, කැඩ්මියම්, ආසනික් වගේ විස රසායන. මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අපද්‍රව්‍ය කළමනාකරණ) ශයාමනී පෙරියප්පෙරුම මහත්මිය පසුගියදා මේ සම්බන්ධයෙන් පැහැදිලි අනතුරු ඇඟවීමක් කළා. “වැරදි විදියට කසළ බැහැර කිරීම සහ අනාරක්ෂිත ප්‍රතිචක්‍රීකරණය නිසා අන්තරායකර ද්‍රව්‍ය පරිසරයට එකතු වෙලා, මිනිස් සෞඛ්‍යයට දරුණු බලපෑමක් එල්ල කරනවා. පස, වතුර, වාතය දූෂණය වෙනවා. කේබල් එළිමහනේ පුච්චලා තඹ ගන්න එක, වටිනා ලෝහ ගන්න අම්ල පාවිච්චි කරන එක විශේෂයෙන්ම කනගාටුදායකයි.” ඇත්තටම ගමේ සිද්ද වෙන්නේ ඒක තමයි. කේබල් එක පුච්චලා තඹ ගන්නවා. බැටරි ගලවලා අම්ලය බිමට දානවා. ඒ විස පසට යනවා. පසෙන් වතුරට යනවා. වතුරෙන් අපේ ඇඟට යනවා. 2026 නොවැම්බර් 18 දිවුලපිටිය වේවැගෙදර E-Waste අංගනයක ගින්නක් ඇති වුණා. ඒ ගින්න ගැන මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ගැඹුරින් අධ්‍යයනය කළ හැකි එකක්. “ගින්නෙන් පස්සේ ඒ ප්‍රදේශයේ වාතයට වෙච්ච බලපෑම ගැනත් අධ්‍යයනය කළා. ඒ අනුව බලපෑමට ලක්වුණු පවුල් කීපයකට ආරක්ෂක උපදෙස් දුන්නා. වතුර
99mobile