
අමුතු හත්තක් වලපනේ පිපේ...
FM Heart · 1 min read
මෙම හතු විශේෂය Veiled Lady Mushroom හෙවත් Phallus indusiatus ලෙස හඳුන්වන හතු විශේෂයට සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. විශේෂයෙන්ම එහි කඳ වටා පහළට විහිදෙන සුදු පැහැති දැල් ආකාර කොටස මෙම හතු විශේෂයේ සුවිශේෂී ලක්ෂණයක් බවයි පරිසරවේදින් කියා සිටින්නේ. තෙතමනය සහිත පරිසරවල, දිරාපත් වන ශාක කොටස් අතර මෙවැනි හතු වර්‍ධනය වන අතර, පරිසරයේ ස්වභාවික දිරාපත්වීමේ ක්‍රියාවලියටද දායකත්වයක් ලබා දෙන අතර, මෙවැනි හතු විශේෂ කෘමීන් ආකර්‍ෂණය කර ගනිමින් තම බීජාණු ව්‍යාප්ත කරගැනීමද විශේෂත්වයකි. පිපුණු හතු මල පිපුණු එදිනම පස්වරුවේ පරවී ගිය බවයි පැපැතුම් ශ්‍රී නරේන්ද්‍රසිංහ මහතා කියා සිටියේ. ස්වභාවධර්‍මයේ අපූර්‍වත්වය මනාව විදහා දක්වන මෙම හතු විශේෂය, පරිසරයේ සැඟවී පවතින ජෛව විවිධත්වයේ තවත් අපූරු නිදසුනක් ලෙස හැඳින්විය හැකි බවයි පැතුම් මහතා වැඩි දුරටත් කියා සිටියේ.

